2025 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
මෙය 2025 ජූනි මාසයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 635.7ට සාපේක්ෂව 9.7%ක මාසික වර්ධනයක් පෙන්නුම් කරනවා.
තවද, 2024 ජූලි මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 576.7 හා සසඳන විට මෙය 21%ක පමණ වාර්ෂික වර්ධනයක්.
විදේශ විනිමය ගලා ඒමේ මෙම ශක්තිමත් වර්ධනය, ජූලි මස අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 6.14 දක්වා ඉහළ ගිය දළ නිල සංචිත ශක්තිමත් කිරීමට උපකාරී වී තිබෙනවා.
