Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධම්මික පෙරේරාට ලොකු තනතුරු දෙකක් හිමිවෙයි

1 year ago

ලංකා ටයිල්ස් පීඑල්සී සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී යන සමාගම්හි සභාපතිවරයා ලෙස ධම්මික පෙරේරා මහතා පත් කරගත් බව එම සමාගම් පවසයි.

ඒ අනුව ජූලි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගම් දෙකෙහිම විධායක නොවන අධ්‍යක්ෂ සහ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

මෙතෙක් කලක් සමාගම් දෙකෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.එම්. වීරසිංහ මහතා වෙනුවට මෙම නව පත් කිරිම් සිදු කර තිබේ.

එසේම ජූලි 31 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගම් දෙකෙහිම සම සභාපතිවරයා ලෙසින්ද යළි පත් කර තිබේ.

මෙම පත්වීම් ලබන අවස්ථාව වන විට ධම්මික පෙරේරා මහතා ලංකා ටයිල්ස් පීඑල්සීහි කොටස් 6,943,405 ක් සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සීහි කොටස් 148,921,090ක් හිමි රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.