ඇමෙරිකානු නාවික හමුදාවට අයත් සැන්ටා බාබ්රා නෞකාව අද( 16) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම නෞකාව මෙරටට පැමිණෙන පළමු සංචාරය මෙය වන බවයි.
මෙමගින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ශක්තිය, ආරක්ෂිත, සමෘද්ධිමත් සහ නිදහස් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන අපගේ හවුල්කාරී කැපවීම අවධාරණය කරන බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
USS සැන්ටා බාබ්රා (LCS 32) යනු ලොව විශාලතම ඉදිරි පෙළ බලඇණියට අණ දෙන එක්සත් ජනපද 7 වන බලඇණියේ කොටසක්.
එහි ප්‍රධාන මෙහෙවර වන්නේ, බටහිර පැසිෆික් සහ ඉන්දියානු සාගරවල සිය හමුදාවන්ට මෙහෙයුම් පාලනය සහ සැලසුම් සැපයීම සහ මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් සමග කටයුතු කිරීම හරහා කලාපීය ස්ථාවරත්වය සහ සමුද්‍රීය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමයි.
