Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉතිහාසය වෙනස් කරමින් රේගුව ඉපැයූ වාර්තාගත ආදායම

1 year ago

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම වූ රුපියල් බිලියන 235ක් පසුගිය මාසයේදී උපයා ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් පවසනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම් දීමේ පද්ධතිය ජන ගත කිරීම ඊයේ සිදු කෙරුණේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන්.

රේගු කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම මෙන්ම අපනයනකරුවන්ගේ විශ්වාසය ඇති කිරීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීම සිදු කෙරෙනවා.