Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සහල් මාෆියාවට වැට බඳින්න සතොස සහල් වෙළඳපොළට

1 year ago

ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) නිල ලාංඡනය සහිතව ඇසුරුම් කළ සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම ඊයේ (18) ආරම්භ වුණා.

ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාවගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරාගේ මූලිකත්වයෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී මෙය සිදුකෙරුනා.

මෙහිදී ‘සතොස’ නිල ලාංඡනය සහිතව ඇසුරුම් කළ නාඩු සහ කැකුළු සහල් වෙළෙඳපොළ වෙත නිකුත් කරනු ලබනවා.

ඒ, අනුව සුදු කැකුළු කිලෝ 05ක සහල් බෑගයක් රුපියල් 1,100කට සහ නාඩු කිලෝ 05ක සහල් බෑගයක් රුපියල් 1,150ක් වැනි මුදලකට පාරිභෝගිකයින්ට සතොස ශාඛා ඔස්සේ මිලදී ගැනීමට හැකියි.