Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහීෂ් තීක්ෂණගේ ස්ථානය කේශව් මහරාජ් හිමිකර ගනී

1 year ago

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේශව් මහරාජ් එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ අංක 1 ස්ථානයට පත්ව තිබෙනවා.ඒ අනුව, මෙතෙක් එම ස්ථානයේ සිටි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ දෙවැනි ස්ථානයට පත්වුණා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී කඩුලු 5ක් දවා ගනිමින් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් මහරාජ් ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

කුල්දීප් යාදව් ශ්‍රේණිගතකිරීම්හි 3වන ස්ථානයේ පසුවෙයි.