ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද (29) ප.ව. 1ට හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියට එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් ඇතුළත් වන අතර දෙවන එක්දින තරගය එළැඹෙන 31වනදා පැවැත්වීමට නියමිතය.
දෙරට අතර විස්සයි20 තරගාවලිය සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වෙන අතර, එම තරගද හරාරේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.
