කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ දී ඒකක 21,000 සීමාව ස්පර්ශ කිරීමට සමත්වුණා.
දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 21,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වීමද විශේෂතත්වයක්.
ඒ වන විට පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 203.71 කින් ඉහළ ගොස් ඒකක 21,003.97ක් ලෙසින් සටහන්ව තිබුණා.
