සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 07 කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 298 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේ ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 76 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 38 ක්, සදීර සමරවික්රම ලකුණු 35 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 57 ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 70 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Richard Ngarava කඩුලු දෙකක් ද, Blessing Muzarabani, Trevor Gwandu, Sikandar Raza සහ Sean Williams එක් කඩුල්ල බැඟින් ද බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව, තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 291 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්රනාන්දු කඩුලු 03 ක් හා ඩිල්ෂාන් මදුෂංක කඩුලු පිට පිට කඩුලු 03 ක් බිඳ හෙළමින් කඩුලු ත්රිත්වයක් සමග කඩුලු 04 ක් වාර්තා කිරීමට සමත් වුණා.
