සංචාරක ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 277ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී යාමෙන්.
හරාරේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ ඇරඹුණු තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව තීරණය කළේ පන්දු යැවීමටයි.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ, Ben Curran ලකුණු 79ක්ද, Brian Bennett ලකුණු 21ක්ද, Brendan Taylor සහ නායක Sean Williams ලකුණු 20 බැගින්ද, Sikandar Raza නොදැවී ලකුණු 59*ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුළු 03ක්ද, අසිත ප්‍රනාන්දු කඩුළු 02ක්ද, දිල්ශාන් මධුෂංක සහ ජනිත් ලියනගේ එක් කඩුල්ල බැගින් ද දවාගත්තා.
ඒ අනුව, පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට හිමි ඉලක්කය ලකුණු 278ක්.
