අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රයිස්, කොත්තු, බිරියානි මිල රුපියල් 25කින් පහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පවසනවා.
එමෙන්ම ඊට සාපේක්ෂව සියලුම කෙටි ආහාර වර්ගවල මිල රු.10කින් අඩුවනු ඇති.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්, ආපන ශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටියේ මෙලෙස මිල ගණන් අඩුවීමේ සහනය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසයි.
