අද (08) දිනය තුළ මෙරට රත්‍රං මිල රුපියල් 5,000කින් පමණ ඉහළ ගොස් ඇති බව රත්‍රං වෙළෙදුන් පවසනවා.
ඒ අනුව අද දිනයේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 271,000ක් ලෙස සටහන් වී තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 266,400ක් ලෙසයි.
අද උදෑසන සිට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි තෙවතාවකින් ඉහළ යෑමද විශේෂත්වයකි.
