ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති ආසියානු කුසලාන A කාණ්ඩයේ ඉන්දියාව සහ පාකිස්ථානයට අතර තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 127ක් පමණි.
ඒ අනුව ලකුණු 128ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 16(15.5) පන්දුවාරයේදී ලකුණු 131ක් රැස්කර ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.
තරගය අවසන් වීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායමට අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවත් මෙවැනි ලෙස හැසිරීම වඩාත් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.
නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව පිටිය මැදදී සුපුරුදු පරිදි අතට අත දීමකින් තොරව නැවත ක්රීඩාගාර වෙත පිටත්ව යන බව දැක ගැනීමට හැකිවුණා.
ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් පසු, පාකිස්ථාන නායක සල්මන් අලි අගා ඉන්දීය ක්රිඩාගාරය දෙසර ගමන් කර නමුත්, ඒවන විටත් ඉන්දීය ක්‍රීඩකයින් ක්‍රීඩාගාරයෙන් පිටව ගොස් ඇඳුම් පැළඳුම් කාමරයට ආපසු පැමිණ තිබුණා.
