විගමනික ශ්‍රමිකයින් මෙරටට එවන විදෙස් ප්‍රේෂණ අගෝස්තු මාසය අවසන් වන විට ඇමෙරිකා ඩොලර් බිලියන 5.2 දක්වා වර්ධනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
මේ අතර මෙම වසරේ මේ වන විට විදෙස් රැකියා සඳහා දෙලක්ෂ විසි දහසක පිරිසක් යොමුව ඇති බවයි එම කාර්යාංශය පෙන්වා දෙන්නේ.
විදෙස් රැකියා සඳහා යොමුවන්නන්ගේ ප්‍රවණතාව ඉහළ යාමත් සමග විදෙස් රැකියා ඒජන්සි නියාමනය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ සඳහා ව්‍යපෘති කිහිපයක් ක්‍රියාත්මක අතර හෙට දිනයේ සිට පොලිස් කණ්ඩායමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනියුක්ත කිරීමට කටයුතු යොදා ඇති බවයි එම කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පවසන්නේ.
