Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පන්දුව හිසේ වැදී පිටියෙන් ඉවතට ගිය රුචිර පල්ලියගුරු

1 year ago

පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඊයේ (17) පැවති තරගය අතරතුර ශ්‍රී ලංකික විනිසුරු රුචිර පල්ලියගුරුගේ අනතුරකට මුහුණ පා තිබෙනවා.

ඒ පාකිස්ථාන පන්දු රකින්නකු වේගයෙන් එල්ල කළ පන්දුවක් ඔහුගේ හිසෙහි වැදීමෙන්.

මෙම සිදුවීමත් සමග තරගය මොහොතකට නතර කිරීමට සිදුවුණා.

මෙම අනතුර සිදුවූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉනිමේ හයවැනි පන්දුවාරයේදීයි.

එහිදී, පන්දු රකින්නකු පන්දු යවන්නා වෙත යොමු කළ පන්දුවක් නොසිතූ මොහොතක විනිසුරු රුචිර පල්ලියගුරුගේගේ හිස පිටුපස වැදී තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟම පාකිස්ථාන ක්‍රීඩකයන් තරගය නවතා දමා විනිසුරුවරයා වෙත දිව ගොස් ඔහුගේ තත්ත්වය සොයා බැලුවා.

මෙහිදී පන්දු යවූ ක්‍රීඩකයා වහාම විනිසුරුවරයාගෙන් සමාව ඉල්ලා සිටියා.

වෛද්‍ය පරීක්ෂාවකින් පසු, පූර්වාරක්ෂක පියවරක් ලෙස රුචිර පල්ලියගුරුගේ පිටියෙන් ඉවත් වුණා.

ඔහුගේ ස්ථානයට අතිරේක විනිසුරුවරයෙකු පත් කෙරුණා.