Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙම වසර තුළ මෙරටට ආනයනය කළ වාහන සංඛ්‍යාව අනාවරණය වෙයි

1 year ago

ජනවාරි 01වනදා සිට සැප්තැම්බර් 03වනදා දක්වා වාහන ආනයනයට අදාළව ණයවර ලිපි 30,594ක් විවෘත කර ඇති බව පසුගියදා මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

එම කාරක සභාවට සහභාගී වූ මුදල් අමාත්‍යාංශයේ සහ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ එම ණයවර ලිපිවල වටිනාකම රුපියල් බිලියන 1491ක් වන බවයි.

මේ දක්වා වාහන 220,026ක් මෙරටට ආනයනය කර තිබෙනවා.

ඒ අතරින් වාහන 154,537ක් රේගු දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අතර යතුරුපැදි 98,923ක්, කාර් රථ 40,323ක්, ත්‍රිරෝද රථ 9,025ක් සහ වානිජ වාහන 5,368ක් පවතින බව සඳහන්.

මේ හරහා රුපියල් බිලියන 429ක බදු ආදායමක් රැස් කරගෙන ඇති බව රේගු නිළධාරීන් පවසනවා.