Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද! තරගයට ඇති සූදානම ගැන කණ්ඩම්බි කියූ දේ!

1 year ago

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ තරගවට අද (20) ආරම්භ වනවා

මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනාගේ තරග වටය අරඹමින් ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද තරගය ඩුබායිහිදී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට මෙම තරගය ආරම්භ වනවා.

මේ අතර ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දු ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුපිරි හතරදෙනාගේ තරග වටය මුහුණදීමට හොඳ මානසික මට්ටමකින් සිටින බවයි.

මූලික වටයේ සභාගී වූ තරග තුනම හොද තරගයක් ලබා දී ජයගැනීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙලෙස ශක්තිමක් මානසික මට්ටමකින් පසුවන බවයි ඔහු සඳහන් කළේ.

සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3කට ක්‍රීඩාකරනු ලබයි.

ඒ යටතේ ශ්‍රී ලංකාව එළැඹෙන 23වනදා පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී හා සැප්තැම්බර් 26වනදා ඉන්දියාවට එරෙහිව ඩුබායිහිදී ශ්‍රී ලංකාව ක්‍රීඩාකිරීමට නියමිතය.

සුපිරි 4 වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇත.