ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් ඊයේ (20) පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ කඩුලු 04ක තියුණු පරාජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවිය.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් බංග්ලාදේශ නායක ලින්ටන් දාස් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් විය.
එහිදී දසුන් ශානක පන්දු 37කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 64ක් රැස් කිරීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් සහ පැතුම් නිස්සංක ලකුණු 22ක් ලබා ගැනීමට ද සමත් විය.
ඒ අනුව ලකුණු 169 ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී සිය ඉලක්කය හඹා යාමට සමත් විය.
තරගය ශ්රී ලංකාව දෙසට හරවා ගැනීමට ප්රබල උත්සාහයක් ගත් වනිඳු හසරංග හා දසුන් ශානක කඩුලු 2 බැගින් දවාගත්හ.
බංග්ලාදේශ ජයග්රහණයේ නියමුවන් වූ ආරම්භක පිතිකරු සයිෆ් හසන් ලකුණු 61ක් රැස්කළ අතර, මැදපෙළ පිතිකරු තව්හිද් රිදෝයි ලකුණු 58ක් රැස්කිරීමට සමත් විය.
