පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට ජයග්රාහී ආරම්භයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ කඩුළු 06කින් වන අතර, එහිදී ඔවුන් පන්දුවාර 18.5කදී කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 174ක් රැස් කරගනිමින් මෙම ජය වාර්තා කළා.
එහිදී පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ, Abhishek Sharma අගනා පිතිහරඹයක නිරත වෙමින් පන්දු 39කදී ලකුණු 74ක් රැස් කළ අතර, Shubman Gill ලකුණු 47ක්ද, Sanju Samson ලකුණු 13ක්ද, රැස් කළා.
පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් Haris Rauf කඩුළු 02ක්ද, Abrar Ahmed එක් කඩුල්ලක්ද, Faheem Ashraf එක් කඩුල්ලක්ද දවාගත්තා.
තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කළ අතර, එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට පාකිස්ථානය සමත් වුණා.
එහිදී පන්දුවට පහරදීමට පිටියට පිවිසි Sahibzada Farhan අගනා ඉනිමක් ක්රීඩා කරමින් ලකුණු 58ක්ද, Fakhar Zaman ලකුණු 15ක්ද, Saim Ayub ලකුණු 21ක්ද, Hussain Talat ලකුණු 10ක්ද, Mohammad Nawaz ලකුණු 21ක්ද, පාකිස්ථානය වෙනුවෙන් රැස් කළා.
පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් Shivam Dube කඩුළු 02ක්ද, Kuldeep Yadav එක් කඩුල්ලක්ද, Hardik Pandya එක් කඩුල්ලක්ද දවාගත්තා.
