ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය 1.5% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය ජූලි මාසයේ දී උද්ධමනය 0.7% ක් ලෙස පැවති බවයි.
එමෙන්ම, ජූලි මාසයේ දී 2.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ දී 2.9% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද පසුගිය අගෝස්තු මාසයේ දී 0.4% ක් දක්වා වැඩි වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
