Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ආනයන ගැන මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිවූ දේ

1 year ago

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ ආදායම් ඉලක්කය, වසර අවසානය වනවිට ඉක්මවා යනු ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ති‍බෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස්වූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

මේ වසර සඳහා වාහනවලින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 460 ක් වූ බවත්, දැනට පවතින තත්ත්වය අනුව එය ඊට වඩා වැඩිවන බවත්, බිලියන 700ක පමණ ආදායමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එහිදී නිලධාරින් විසින් කරුණු දක්වා තිබෙනවා.

2025 සැප්තැම්බර් 16 වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1570 ක වටිනාකමක් ඇති ණයවර ලිපි ප්‍රමාණයක් විවෘත කර තිබුණු බවයි එහිදී අදහස් දක්වමින් වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ෂානි අබේරත්න පවසා සිටියේ.