Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියානු පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්! ජයග්‍රහණය සඳහා දැවැන්ත ඉලක්කයක්!

1 year ago

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (26) පැවැත්වෙන අතර එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළේය.

ඒ අනුව ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායමේ අභිෂේක් ෂර්මා දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 31කදී ලකුණු 61ක් රැස් කළ අතර, ශුබ්මන් ගිල් ලකුණු 04ක්ද, නායක සූර්යකුමාර් යාදව් ලකුණු 12ක්ද, සංජු සැම්සන් ලකුණු 39ක්ද, හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 02ක්ද, රැස් කළා.

එමෙන්ම, තිලක් වර්මා නොදැවී ලකුණු 49*ක්ද, අක්ෂර් පටෙල් නොදැවී ලකුණු 21*ක්ද ඉන්දියාව වෙනුවෙන් රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, දසුන් ශානක සහ චරිත් අසලංක කඩුළු 01 බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි පිළිතුරු ඉලක්කය ලකුණු 203ක්.