ඉන්දීය ක්‍රිකට් ආයතනයේ (BCCI) නව සභාපතිවරයා ලෙස මිතුන් මන්හාස් ඊයේ (28) පැවති 94 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී නිතරගයෙන් තේරී පත් වී තිබෙනවා.
ඒ අනුව 37 වැනි ක්‍රිකට් සභාපතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.
හිටපු සභාපති රොජර් බිනී ඉල්ලා අස්වීමෙන් පසු හිස් වූ මෙම ප්‍රබල තනතුරට පත් විය.
මිතුන් මන්හාස් ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය නොකළත්, දිල්ලි ප්‍රාන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු ලෙස ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියේ ප්‍රබලයෙක් බවයි වාර්තා වන්නේ.
