BYD විද්‍යුත් වාහනවල (EVs) බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG) සමාගම, රේගුව විසින් රඳවාගෙන ඇති EV රථ තොගය පිළිබඳව නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ හා සම්බන්ධව මතුවු රේගු ගැටලුව අභියාචනාධිකරණය හමුවේ පවතින බවත් එම වාහන කඩිනමින් නිදහස් කර ගැනීම උත්සහ දරමින් සිටින බවත් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
රඳවාගත් රථ මාදිලි ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන පරීක්ෂණාගාරයකදී පරීක්ෂා කිරීමට තමන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවද JKCG අවධාරණය කර තිබෙනවා.
දිගින් දිගටම පවතින මෙම ප්‍රමාදය හේතුවෙන්, 2025 සැප්තැම්බර් 11 ට පෙර රථ වෙන්කරගත් පාරිභෝගිකයින්ට සමාගම විශේෂ විකල්ප තුනක් පිරිනමා තිබෙන බව සිය නිවේදනයෙන් ඔවුන් සඳහන් කරනවා.
ඒ අනුව ලබා දුන් විකල්පයන් වන්නේ,
(1) විශේෂ වට්ටමක් සහිත BYD SEALION 5 වෙත මාරු වීම
2) පොලිය සමඟ මුදල් ආපසු ලබා ගැනීම (2025 ඔක්තෝබර් 10 වන දින තහවුරු කළහොත්)
(3) රේගු තීරණය හෝ නඩු කටයුතු අවසන් වන තෙක් ඔවුන්ගේ මුල් වෙන්කිරීම රඳවා ගැනීම
තවද නව විද්‍යුත් වාහන ඇණවුම් සඳහා අත්තිකාරම් ගෙවීම් නොමැතිව කටයුතු කිරීමට සමාගම තීරණය කර ඇති අතර, දැනටමත් සිටින සියලුම EV සහ PHEV පාරිභෝගිකයන් සඳහා වගකීම් සහ අලෙවියෙන් පසු සේවා නොකඩවා ලබා දෙන බවටද JKCG විසින් සහතික කර තිබෙනවා.
