Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට

1 year ago

ශ්‍රී ලංකාවේ විදේශ විනි­මය ආදා­යම තව­දු­ර­ටත් ඉහළ යමින් මේ වසරේ මුල් මාස 8ක කාල­යේදී සමස්ත අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 417,000ක් (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 13.9) දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා .

ඒ අනුව භාණ්ඩ අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 273,000ක් (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 9.1) වන අතර සේවා අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 144,000 (ඩොලර් බිලි­යන 4.8) දක්වා ඉහළ ගොස් තිබෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මේ වසරේ අප­න­යන ආදා­යම පසු­ගිය 2024 වසරේ මුල් මාස අටක කාල­යට සාපේ­ක්ෂව සිය­යට 5.6%ක වර්ධ­න­යක් පෙන්නුම් කරන බව පව­සන ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩ අප­න­යන ආදා­යම 6.7%කින් සහ සේවා අප­න­යන ආදා­යම 3.5%කින් ඉහළ ගොස් තිබෙන බව සඳ­හන්.

ඊට අම­ත­රව මේ වසරේ අගෝස්තු මාස­යේදී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1,840ක අප­න­යන ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. භාණ්ඩ අප­න­යන ආදා­යම ඩොලර් මිලි­යන 1,282ක් සහ සේවා අප­න­යන ආදා­යම ඩොලර් මිලි­යන 558ක් ඒ අතර වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.