දිවයිනේ ඇතැම් ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රු.2000 දක්වා ඉහළ ගොස් ඇති බව ජනතාව පවසනවා.
වෙළඳෞන් සඳහන් කළේ දෙහි ඵලදාව අඩු වීම සහ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීම මෙලෙස මිල ඉහළ යාම සඳහා හේතූ වී ඇති බවයි.
කෙසේවෙතත් මහ බැංකුව නිකුත් කළ දෛනික මිල දර්ශනයට අනුව දඹුල්ලේ දෙහි කිලෝවක තොග මිල ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 300කින් පහත වැටී තිබේ.
