Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිංහ – කැන්ගරු සටන වැස්සට සේදෙයි

1 year ago

කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතහැර දැමීමට තරග තීරකවරයා තීරණය කර තිබෙනවා.

පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් දිගින් දිගටම ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් පස්වරු 5.30 වන විටත් තරගය ආරම්භ කිරීමට නොහැකි වුණා.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවන තරගය මෙය වන අතර පළමු තරගයේදී ඔවුන් ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා.

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඔවුන් මුහුණදුන් පළමු තරගයේදී නවසීලන්ත කාන්තා කණ්ඩායම පරදා ලකුණු 89ක ජයක් හිමිකර ගත්තා.