එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (5) පැවැත්වේ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මේ අතර මෙම තරගයේ දී ඉන්දු – පාකිස්තාන නායිකාවන් දෙපළද අතට අතදීමෙන් වැළකී සිටියේය.
නිමාවූ ආසියානු කුසලාන විස්සයි20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ දීද ඉන්දීය හා පාකිස්තාන ක්‍රීඩකයන් තරගාවලිය පුරාම අතට අත දීමෙන් වැළකී සිටි අතර, එය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයට තුඩුදුන් හේතුවක් විය.
