ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ එක්දින (ODI) නායකත්වයෙන් රෝහිත් ෂර්මා ඉවත් කර ඒ වෙනුවට තරුණ ක්‍රීඩක ශුබ්මන් ගිල් පත් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙම තීරණයට එළැඹ ඇත්තේ, 2027 ODI ලෝක කුසලානය සඳහා ගිල්ට නායකයෙකු ලෙස කල් තියා ස්ථාවර වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ අරමුණින් බව තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කාර් පැවසුවා.
ගිල්ගේ නායකත්වය යටතේ ඉන්දියාවේ පළමු තරගාවලිය, ඔක්තෝබර් 19 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරග තුනේ තරගාවලියයි. දැනටමත් ටෙස්ට් නායකයා වන ගිල්, මේ සමඟින් ඉන්දීය ක්‍රිකට් ආකෘති තුනෙහිම ප්‍රධාන නායකත්ව භූමිකාවක් දරනවා.
