ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නියක් වන උදේශිකා ප්‍රබෝධනී, කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියකදී කඩුල්ලක් දවාගත් වයස්ගතම ශ්‍රී ලාංකීය වේග පන්දු යවන්නිය බවට පත්ව තිබෙනවා.
ඇය පසුගියදා ගුවහාති ක්‍රීඩාංගනයේ ඉන්දියාවට එරෙහිව පැවති තරගයේදී ලකුණු 55කට කඩුලු 2ක් දවා ගැනීමත් සමඟ මෙම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්.
ඒ වනවිට ඇගේ වයස සටහන් වූයේ අවුරුදු 40යි දින 10ක් ලෙසයි.
ඒ සමඟම කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවුරුදු 40 සීමාව පසු කර කඩුලු දවා ගැනීමට සමත් වූයේ ක්‍රීඩිකාවන් අතළොස්සක් අතරට ඇයද එක්විය.
ඇය පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ 2009 වසරේදීයි.
