ගෝලීය වෙළෙඳපොල වාර්තා අලුත් කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට රත්‍රං අවුන්සයක මිල ඩොලර් 3,950 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ, ලොව පුරා ආර්ථික හා දේශපාලන අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ආයෝජකයන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස රත්‍රන් වෙත යොමු වීම හේතුවෙන්.
එමෙන්ම අමෙරිකාවේ අයවැය සම්මත නොවීම, ජපන් යෙන් මුදලේ අගය තියුණු ලෙස පහත වැටීම ඇතුළු ආසියානු මුදල්වල පුළුල් දුර්වලතා හේතුවෙන්.
ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.290,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 283,000ක් ලෙසය.
මේ අතර සෙනසුරාදා රු. 306,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 314,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
