Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක රන් මිල ඩොලර් 4,000 පනී! මෙරට රන් මිල දිනක් තුළ දැවැන්ත අගයකින් ඉහළට!

1 year ago

ලෝක රන් මිල, ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් 4,000 සීමාව ඉක්මවා යමින් වාර්තාගත ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා.

ආසියානු වෙළෙඳපොළේ අද (08) උදෑසන වන විට, ක්ෂණික බෙදාහැරීම සඳහා වන රන් මිල (Spot gold) අවුන්සයක් ඩොලර් 4,016 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙය 1970 දශකයෙන් පසු වාර්තා වූ විශාලතම රන් මිල ඉහළ යෑම ලෙසයි සැලකෙන්නේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය වෙළඳාමට බලපාන තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, අප්‍රේල් මාසයේ සිට රන් මිල 25%කට වඩා ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අද දිනයේ ලෝක රන් මිල ඩොලර් 4000 සීමාව ඉක්මවා යාම හමුවේ මෙරට රන් මිල ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, කැරට් 24 රත්‍රං පවුමක මිල රුපියල් 320,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අප කළ විමසීමකදී සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් සඳහන් කළේ.

එමෙන්ම කැරට් 22 රත්‍රං මිල ද රුපියල් 296,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව මෙරට වෙළදපළේ රත්‍රං මිල රුපියල් 6000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.