Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිංහ ධේනුවන් අද යළි පිටියට

1 year ago

ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී.

තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වන තරගය මෙය වන අතර ඉන්දියාව සමග පැවති තරගය පරාජයට පත් වූ අතර ඕස්ට්‍රේලියාව සමග පැවති තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමටසිදු වුණා.

එංගලන්තය තමන් සහභාගී වූ තරග දෙකම ජයගනිමින් හොද මානසික තත්ත්වයකින් මෙම තරගයට පිවිසෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම චමරි අතපත්තු මෙහෙය වන අතර එංගලන්තයට නායකත්වය සපයන්නේ නැට් ෂිවර් බ්‍රන්ට් විසිනුයි.

තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසටයි ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ.