Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චමරි අතපත්තුට අකරතැබ්බයක්

1 year ago

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව අද (11) පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා නායිකාව පාදයේ ආබාධයකට ලක්විය.

ශ්‍රී ලංකා ඉනිමේ 5.3වන පන්දුවාරයේ දී ලකුණක් කරා දිව යෑමේදී ඇගේ දකුණු කකුල මෙලෙස අබාධයට ලක්වූවාය.

ඒ හේතුවෙන් ඇය ආධාරකයක් යොදාගනිමින් ක්‍රීඩා පිටියෙන් පිටතට රැගෙන යාමට ශ්‍රී ලංකා භෞත චිකිත්සකවරයා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කළේය.

ඇය පිටියෙන් ඉවත්ව යන විට චමරි පන්දු 20කට මුහුණදී ලකුණු 7ක් රැස්කරගෙන සිටියහ.

යළි 23වන පන්දුවාරයේදී පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියද ඇයට ඇයගේ සුපුරුදු රිද්මය සොයා ගැනීමට හැකි වූයේ නෑ.

පන්දු 39කදී ලකුණු 15ක් ලබා සිටි චමරි අතපත්තු දැවී ගියා.