කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (14 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගි වන තෙවැනි තරගය මෙය වන අතර මේ දක්වා ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීම සඳහා මෙම තරගයේ ප්‍රතිඵලය තීරණාත්මක වේ. ශ්‍රී ලංකාව ඉන්දියාව සහ එංගලන්තය හමුවේ තරග 2ක් පරාජය වූ අතර ඔස්ට්‍රේලියාව සමග තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය. නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග 3 අතරින් එක් තරගයක් ජයගෙන තරග 3ක් පරාජයට පත්ව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව එක් ප්‍රසාද ලකුණක් සමගින් සමගින් ප්‍රසාද ලකුණු සටහනෙහි 7වැනි ස්ථානයට පත්ව ඇත.
