මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (14) රුපියල් ට්‍රිලියන 8 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත් වරක් අලුත් කරමින් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,372.57ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 51.49 ක ඉහළ යාමක් වනවා.
S&P SL20 දර්ශකයද දිනය තුළ ඒකක 22.07කින් ඉහළ ගොස් ඒකක 6,229.44ක වසරේ මේ දක්වා උපරිමයට ළඟා වීමට අද දිනයේ දී සමත් වී තිබෙනවා.
මීට අමතරව, අද දිනය තුළ රුපියල් බිලියන 5.74ක විශාල ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වුණා.
