Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැලකිය යුතු මුදලකින් අදත් රන් මිල ඉහළට! පවුමක නව මිල ගණන් මෙන්න!

1 year ago

මෙරට රත්තරන් මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 5,000 කින් ඉහළ ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 342,300 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනය නිමා වන විට එය සටහන් වූයේ රුපියල් 337,600 ක් ලෙසයි.

මේ අතර ඊයේ (14) දිනයේ දී රු. 365,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.