Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

imf approval for sri lanka

IMF ණය ගත් ලැයිස්තුවේ 86 න් 13 වන තැන ශ්‍රී ලංකාවට

1 year ago

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩිම ණය ලබා ගත් රටවල් අතර ශ්‍රී ලංකාව 13 වන ස්ථානයට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගත් ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.3ක් බවයි වාර්තා වන්නේ.

මේ වන විට රටවල් 86ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) සමස්ත වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 162ක ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බව සඳහන්.

අවස්ථා 15කට වඩා වැඩි ගණනකදී මෙම අරමුදලේ සහය ලබා ගත් ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතර බංග්ලාදේශය සහ පාකිස්ථානයට පසුව මෙම ලැයිස්තුවේ රැඳී තිබෙනවා.

අමෙරිකානු ඩොලර් බිලියන 57ක පමණ හිඟ ණයක් සමඟින් ආර්ජන්ටිනාව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශාලතම ණය ගැනුම්කරු ලෙස ප්‍රමුඛ ස්ථානයේ සිටිනවා.

ඊට පසුව අමෙරිකානු ඩොලර් බිලියන 14ක් සමඟින් යුක්‍රේනය සහ අමෙරිකානු ඩොලර් බිලියන 9ක් සමඟින් ඊජිප්තුව මෙම ලයිස්තුවේ රැදී සිටිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩිම ණය ලබාගත් රටවල් අට අතර පාකිස්ථානය – අමෙරිකානු ඩොලර් බිලියන 8.96ක්, ඉක්වදෝරය – අමෙරිකානු ඩොලර් බිලියන 8.83ක්, අයිවරි කෝස්ට් – අමෙරිකානු ඩොලර් බිලියන 4.22ක්, කෙන්යාව – අමෙරිකානු ඩොලර් බිලියන 4.09ක්, බංග්ලාදේශය – අමෙරිකානු ඩොලර් බිලියන 3.97ක් ණය ලබාගෙන තිබෙනවා.

දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) කොටසක් ලෙස මනින විට, වැඩිම ණය ඇති රටවල් වන්නේ සුරිනාම් – 13%, මධ්‍යම අප්‍රිකානු ජනරජය – 9.4%, ආර්ජන්ටිනාව – 8.3%, බාර්බඩෝස් – 7.4% ක් සහ ගැම්බියාව – 6.95% ක් ලෙස සඳහන් වනවා.

ශ්‍රී ලංකාවට අදාළව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.32%ක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළද, ඒවා බොහෝ විට දැඩි ප්‍රතිපත්තිමය කොන්දේසි සමඟ පැමිණෙනවා.