Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන් පදක්කම් තුනකින් ලක් මව සැරසූ සාෆියාගේ අනාගත බලාපොරොත්තුව

1 year ago

ඉන්දියාවේ රංචිහිදී පැවති 4 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කළ මෙරට වේගවත්ම ධාවන ශූරියක වූ ශාෆියා යාමික් එහිදී ත්‍රිත්ව රන් පදක්කම් සහ තරග වාර්තා තුනක් පිහිටුවීම පිළිබඳව මාධ්‍යට අදහස් පළ කළා.

එහිදී ඇය සඳහන් කළේ,  මීටර 100 ඉසව්වේදී තමන්ට ප්‍රබල අභියෝගයක් නොවූ නමුත් මීටර 200 දිවීමේ තරගය තමන්ට විශාල අභියෝගයක් වූ බවයි.

ශාෆියා යාමික් මෙම ශූරතාවලියේ මීටර 200 දිවීම තරඟයේදී රන් පදක්කම දිනා ගනු ලැබුවේ තත්පර 23.58 කින් තරගය නිමා කරමින්.

ඇය මෙහිදී මීට වසර 27කට පෙර, එනම් 1998 දී ඉන්දියාවේ P.T. ඌෂා පිහිටුවා තිබූ තරග වාර්තාව බිඳ හෙළනු ලැබුවා.

මීටර 100 දිවීම තරඟයේදී තත්පර 11.53 ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම ලබා ගත් බව ඇය එහිදී සඳහන් කළා.

එමෙන්ම මීටර 4×100 කාන්තා සහාය දිවීමේදී තත්පර 44.70 කින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කමක් සහ නව තරග වාර්තාවක් පිහිටුවා ගත් බවට පවසමින් ඇය සිය කණ්ඩායමට ස්තූතිය පළ කළා.

“අපි කණ්ඩායමක් වශයෙන් හොඳ පුහුණුවක් ලබලා, තරගාවලියට ගිහිල්ලා අපේ අරමුණ තිබ්බේ අපේ රන් පදක්කම වාර්තාවකට යන්න. ඒ විදිහටම අපිට රෙකෝඩ් එකක් ගන්න පුළුවන් වුණා. අපි හතරදෙනාම සහයෝගයෙන් රන් පදක්කමක් ගන්න පුළුවන් වුණා එක ගැන ස්තූතිවන්ත වෙනවා.”