Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන් මිල වේගයෙන් යළි ඉහළට! ලෝක රන් මිලෙහි දැනෙන වෙනසක්!

1 year ago

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එයට සාපේක්ෂව ලෙස ශ්‍රී ලංකාවේ රත්‍රං මිලත් වේගයෙන් ඉහළ ගොස් තිබේ.

අද වන විට ලෝක රන් මිල ඩොලර් 4,120 පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර, එම තත්ත්වය මෙරට වෙළෙඳපොළටද බලපෑමක් සිදු කර තිබේ. වෙළෙඳපොළ දත්ත අනුව, පසුගිය අඟහරුවාදා දිනයට සාපේක්ෂව මෙරට රත්‍රං මිල රුපියල් 8,000කින් පමණ වැඩි වී ඇත.

ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රු. 7,000කින් ඉහළ ගොස් රු. 300,600ක් ලෙස වාර්තා වී ඇත. පසුගිය අඟහරුවාදා එම මිල රු. 293,200ක් ලෙස තිබුණි.

එමෙන්ම “කැරට් 24” රන් පවුමක මිලද ඉහළ ගොස් ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එම මිල රු. 317,000ක් ලෙස තිබූ අතර, අද වන විට එය රු. 325,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව, ලෝක රන් මිල ගණන්වල ඉහළ යාමට සමගාමීව, ශ්‍රී ලංකාවේ රත්‍රං වෙළෙඳපොළද දැඩි ක්‍රියාකාරීතාවක් පෙන්වා ඇති බව විශ්ලේෂකයන් සඳහන් කරති.