Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජය සතු බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

1 year ago

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙම බැංකු ද්විත්වයම නිවාස සඳහා ණය පහසුකම් සපයන කුඩා මූල්‍ය ආයතන වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වා දී ඇත්තේ ඒවායේ වත්මන් ව්‍යාපාර ආකෘති තිරසාර නොවන බවයි.

මෙයට හේතු වී ඇත්තේ තැන්පතු රැස් කිරීමේ සීමිත ධාරිතාව, දුර්වල ලාභදායීත්වය සහ අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමයි.

සමස්ත බැංකු අංශයේ ස්ථාවරත්වය තහවුරු කිරීම සහ තැන්පත්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම බැංකුවල මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

රජය සතු සියලු කොටස් හිමිකම ලංකා බැංකුව වෙත අත්පත් කරගෙන, ලංකා බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යනු ඇති බව රජය පවසනවා.

ඒ අනුව සියලු කොටස් මහජන බැංකුව වෙත අත්පත් කරගෙන, මහජන බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යනු ලබනවා.