ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 2026 තරග වාරය සඳහා කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩකයින් කවුරුන්ද යන වග මේ වන විට එම කණ්ඩායම් මඟින් නිවේදනය කරමින් පවතිනවා.
එම නිවේදනයන්ට අනුව ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් වෙනුවෙන් නම් දරා සිටි ඉන්දීය ක්‍රීඩකයින් මෙන්ම විදේශීය ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ටම සිය කණ්ඩායම්වල ස්ථාන අහිමි වී තිබේ.
මෙලෙස ක්‍රීඩකයින් මුදා හැරීම සහ රඳවා තබා ගැනීම මත ගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කළ මෙරට ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ට කණ්ඩායම් අහිමිව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මුදාහැර ඇති අතර රාජස්තාන් රෝයල්ස් කණ්ඩාමේ සිටි ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ මහීෂ් තික්ෂන ද එම කණ්ඩායම විසින් මුදා හැර ඇත.
එමෙන්ම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ගිය තරගවාරයේ ක්‍රීඩාකළ දසුන් ශානකද එම කණ්ඩායමෙන් මුදා හැර තිබෙනවා.
කෙසේවෙතත් එළැඹෙන දෙසැම්බර් 16 වනදා අබුඩාබි හිදී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඔවුන්ව ඉදිරිපත් කිරීමට නියමිතයි.
