මෙරට වාණිජ බැංකුවලදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ඊයේ (18) වඩා අද (19) සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.
සෙලාන් බැංකුව වාර්තා කරන පරිදි, අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 304 සිට රු. 305 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 309.25 සිට රු. 310.25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 303.86 සිට රු. 305.20 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 310.56 සිට රු. 311.93 දක්වා පහත වැටී ඇති බවයි මහජන බැංකුව සඳහන් කරන්නේ.
කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 302.01 ලෙස නොවෙනස්ව පවතින අතර, විකුණුම් මිල රු. 310.50 සිට රු. 311.50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සම්පත් බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 303.75 සිට රු. 304.75 දක්වා සහ රු. 310.25 සිට රු. 311.25 දක්වා ඉහළ ගොස් ඇති බවට සඳහන්.
