Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

gold

ව්‍යසන මැද රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක්

12 months ago

ලෝක වෙළෙඳපොළේ රන් මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ රන් මිලද කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත.

ලෝක වෙළෙඳපොළෙහි රන් මිල 2025 දෙසැම්බර් 01 වන දින වන විට ඩොලර් 4,238 දක්වා ඉහළ ගොස් ඇත.

ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවෙ රන් මිලද පසුගිය නොවැම්බර් 25 දිනට සාපේක්ෂව රු. 5,500කින් වැඩි වී ඇත. ඒ අනුව අද දිනය තුළ පමණක් රන් මිල රු. 2,000කින් වැඩිවීමක් සිදු වී ඇත.

කොළඹ හෙට්ටිවීදිය වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 314,700 ලෙසත් “කැරට් 24” රන් පවුමක මිල රු. 342,000 දක්වා ඉහළ ගොස් ඇත.