Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලැබෙන දිනය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්ගෙන් දැනුම්දීමක්

4 years ago

පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මස අවසානයේ ලබාදීමට අදහස් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩි. ධර්මසේන පැවසීය.

මෙම විභාගය සඳහා සිසුහු පන්ලක්ෂ දාහත්දහස් හාරසිය අනූහය දෙනෙක් පෙනී සිටියහ.

ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ විභාග ප්‍රතිඵල ලැබෙන දිනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය කරන අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසයි.

පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයාද ප්‍රකාශ කළේ ලබන මස අවසානයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබා දෙන බවයි.