Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැළණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගැටේ

4 years ago

කැළණිය විශ්ව විද්‍යාලයේ කන්නංගර නේවාසිකාගාරය තුළ දී ගැටුමක් ඇති වූ බව පවසමින් සිසුන් 05 දෙනෙකු රෝහල්ගත වී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී යන පක්ෂ නියෝජනය කරන සිසුන් දෙපිරිසක් අතර ඇති වූ දේශපාලන මත ගැටුමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හට ගෙන ඇති බවයි එම
විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ප්‍රකාශ කළේ.

පෙරේදා මෙම ගැටුම හට ගෙන ඇති අතර, එහිදී තවත් සිසුන් පිරිසක් විසින් සිසුන් 5
දෙනෙකු පමණ නේවාසිකාගාරය තුළ රඳවාගෙන තිබෙනවා.

පසුව විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ මැදිහත් වීමෙන් ඔවුන් මුදවා ගෙන නිවෙස් වෙත පිටත් කර හැරීමටයි කටයුතු කර ඇත්තේ.

එහෙත් එම සිසුන් 05 දෙනා නිවෙස් වෙත නොගොස් ඊයේ හෝමාගම රෝහලට ඇතුළත් වී තිබෙනවා.

අප මේ පිළිබඳව එම රෝහලෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ එලෙස ඇතුළත් වූ සිසුන් 05 දෙනෙකුගෙන් තිදෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි.

-hiru-