නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් රුපියල් කෝටි 3ක් පමණ වටිනා දේපොළක් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කරමින් සිය දියණියගේ නමින් පන්නිපිටිය ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති දෙමහල් නිවසක් සහිත මෙම ඉඩම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ 2026 මාර්තු 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 07ක කාලයක් සඳහා මෙම දේපොළෙහි ගනුදෙනු අත්හිටුවීමට (Freeze කිරීමට) නියෝග නිකුත් කර ඇත.
අදාළ අපරාධකරු පසුගියදා විදෙස්ගතව සිටියදී මෙරටට රැගෙන එන ලද අයෙකු බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය සඳහන් කරයි.