Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

8 months ago

තම නම සහ රූපය භාවිත කරමින් කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් ජනනය කරන ලද වංචනික ආයෝජන දැන්වීම් පිළිබඳව හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර තිබේ. ඔහු පවසා ඇත්තේ, තම පැරණි සම්මුඛ සාකච්ඡා දර්ශන උපයෝගී කරගනිමින් AI තාක්ෂණය හරහා වංචනික ආයෝජන වේදිකා ප්‍රවර්ධනය කිරීමට පිරිසක් කටයුතු කරන බවයි.

මෙම වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් තමන් බලධාරීන්ට පැමිණිලි කර ඇති නමුත් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය. එබැවින් මෙවැනි වීඩියෝ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.