ලෝකයේ සෙසු රටවල් පවතින අර්බුද හමුවේ නිවසේ සිට වැඩ කිරීමේ (Work From Home) ක්‍රමවේදයට යොමු වුවද, මෙරට තුළ දැනට එවැනි අවශ්‍යතාවක් මතු වී නොමැති බව වෙළෙඳ, වාණිජ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
කෙසේ වෙතත්, ඉදිරියේදී එවැනි පියවරක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
බලශක්තිය ආරක්ෂා කරගනිමින් ජනතාවට ඉදිරියට යා හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බව පැවසූ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත යටිතල පහසුකම් කිහිපයක් පිළිබඳව ද කරුණු අනාවරණය කළේය:
- නව ගෑස් ගබඩාවක් ඉදිකිරීම.
- සපුගස්කන්ද සහ මුතුරාජවෙල තෙල් ටැංකි පද්ධති සංවර්ධනය.
- ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 10 ක් නවීකරණය කිරීම.
පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම මත ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමට පාරිභෝගිකයින්ට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම, අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ගැටුම් පවතින රාජ්‍යයන්හි නායකයින් ගන්නා තීන්දු තීරණ මත ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල තීරණය වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
