රජය විසින් ඉන්ධන සඳහා QR කේතය අනිවාර්ය කිරීමත් සමඟ ගුරු පරපුර දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (16) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන ක්ෂේත්රයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව අදහස් දක්වමිනි.
දැනට ලබාදී ඇති ඉන්ධන ප්‍රමාණය ගුරුවරුන්ට සිය සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
සතියකට අවශ්‍ය ඉන්ධන ටික ලබාගැනීම සඳහා ගුරුවරුන්ට වරින් වර නිවාඩු ලබාගෙන ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවත්, එය ඉගැන්වීම් කටයුතුවලට සෘජු බලපෑමක් එල්ල කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙම ඉන්ධන අර්බුදය දැනට ක්‍රියාත්මක වන සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ගුරුවරුන්ට ද බරපතල බාධාවක් වී තිබේ. නියමිත වේලාවට එම කටයුතු අවසන් කිරීමට නම් ගුරුවරුන්ගේ ප්‍රවාහන පහසුකම් තහවුරු කළ යුතු බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
